අද ගොඩාක් ඉන්නෙ බූට් කාපු කට්ටිය. බූට් තියපු අයත් ඇති. ඒත් කාපු අය වැඩී. මංදැක්කා මේ දවස් ටිකට ගොඩාක් අය තමුන්ගෙ හිතේ තියන දේවල් තමුන්ගෙ වෝල් එකේ ලියනවා. ඒ කොයික වෙතත් ගොඩක් අය අද ඉන්නෙ අසහනයෙන්/ දුකෙන් වගෙ, "තමුන්ට කවුරුවත් නෑ", "ජීවිතේ එපා වෙලා" වගේ දේවල් හිතනවා. ඒ නිසා මං හිතුවා.. මේ අලුත් අවුරුද්දකුත් ලබපු වෙලාවෙ පුංචි ඔවදන් ටිකක් දෙන්ට. මගේ අත්දැකීම් වලින්. මටත් කියල ගොඩක් අත්දැකීම් නෑ. එත් කාගෙ හරි ජීවිතයක් සාර්ථක වෙනවනම් මේ කියන දේවල් වලින් ඒක තමයි මගේ සතුට.

අපි හැමෝම මේ ජීවිතේ හැම දෙයක්ම වගේ කරන්නෙ අවසානයේ සතුටක් ලබන්න. කෙනෙක් කෙනෙක්ට ආදරේ කරන්නෙ එයත් එක්ක මුළු ජීවිතේම සතුටින් ගත කරන්ට බලාගෙන. ( හැම වෙලේම ආදරේ ගැන, එහෙමම නොහිතන අය ඉන්ට පුළුවන්, ඒත් ඒ අය ගැන නෙවෙයි මම කතා කරන්නෙ )
කෙනෙක් හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරල ගෙයක් දොරක් හදාගෙන , වාහනයක් එහෙම අරගන්නෙ ඒකෙන් එයාට සතුටක් ලැබෙන නිසා. තවත් කෙනෙක්ට මුදල් කොච්චර තිබුනත් ගැමි විදියට/ දුප්පත් විදියට ජීවිතේ ගෙවන්ට ඕන වෙන්නෙත් ඒකෙන් එයාට සතුටක් ලැබෙන නිසා. ඒක එහෙමම කියල නොහිතා කරනවා වෙන්නට පුලුවන් ඒත් එයාටත් ඕනෙ අවසානයේ මේ සතුටම තමයි. අපි ජීවිතේ සතුටින්ම ගත කරන්ට ගොඩාක් ආසයි. දුක් වෙන්ට කවුරුත් ආස නෑ.
ඒත් අපේ ජීවිතයට නොහිතන විදියෙ දෙයක් සිද්ධ වුනොත්, ඒ සතුට තාවකාලික වෙනවා. කෙනෙක් අහිමි වුනොත් , ආදරෙන් පැරදුනොත් වගේ දේවල් කෙනෙක්ට සිදුවුනොත් එයාට ඒ සතුට අහිමි වෙනවා. ඒත් අපි මතක තියා ගන්ට ඕන දෙයක් තමයි මේ දුක කියන එකත් තාවකාලිකයි කියන එක. ඒ කොහොමද? ඔයා අහන්ට පුළුවන්. ඔව් ඔයා හරි අපිට ඒ නැතිවුන , අහිමි වුන දේම නැවතත් අපේ කරගන්ට බැරි වෙන්ට පුළුවන්, නමුත් අපිට අපේ නැතිවුනු සතුට ආයෙත් ලඟා කරගන්ට උත්සහ කරන්ට පුළුවන් නේද? පොඩ්ඩක් හිතල බලන්ට.
අපිට දෙයක් අහිමි වුනානම් ඒක අහිමි වෙලා ඉවරයි, දැන් ඒ ගැන දුක් වුනා කියල කිසිම දෙයක් වෙනස්වෙන්නෙ නැහැ, අපිට ඒ දේම නැවතත් හිමි වෙන්නෙත් නැහැ. අපි දුක් වෙන්ට අපේ කාලය ගත කරනවා කියන්නෙ ඒක නිකරුනේ කාලය කා දැමීමක්. දුක් වෙන එකෙන් වෙන්නේ ඔයාගෙ සතුට හොරකම් කරනව, ඔයාව ගොඩාක් මහන්සි කරවනව ඔයා කිසිම දෙයක් නොකර. ඔයාට ලැබෙන දේකුත් නෑ.

ජීවිතේ කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. ඒත් ජීවිතේ ජීවත් කරවන්ට ඕන. සමහර වෙලාවල් තියෙනව හොඳ, ඒත් සමහර වෙලාවල් නරකයි. ඒත් මේ කොයි වෙලාවෙත් ඔයා, ජීවිතේ සාර්ථක කරගන්ට ජීවිතෙන්ම පාඩම්ඉගෙන ගන්නවා.. ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඒක කවදාවත් නවත්වන්ට / දාලා යන්ට කියල හිතන්ටවත් හොඳ නෑ. මොකද.. ජීවත් වෙනවා කියන්නෙ තමුන් කැමති දේවල් ලං කර ගන්න එකවත් අකමැති දේවල් ඈත් කරන එකවත් නෙවෙයි. තමුන්ට ලැබෙන දේවල් එක්ක සතුටින් ඉන්නවා කියන එක.

අන්න එදාට ඔයා ඔයාට කියල ජීවිතේ දෙයක් කරගෙන නැති වුනොත් ඔයාට දුක් වෙන්ට වෙන්නෙ හැමදාටම. ඒ නිසා ඔයා දැන්ම ඉදලා කල්පනා කරන්ට ඔයා කාපු බූට් වෙනුවෙන් ඔයා අද දුක් වෙවී ඉදලා, ඉගෙනීම කඩා කප්පල් කරගෙන, ජීවිතේ විනාශ කරගෙන එදාට ඒ වගේ අසරණ ජීවිතයක් ගෙවනවද.. නැත්නම් දැන් පුළුවන් කාලෙ කොච්චර දුකක් ආවත් ඒවා අමතක කරලා දාලා හොදට ඉගෙනගන, තමුන්ගෙ වැඩ කරගෙන ඔයාට කැමති විදියෙ සතුටු ජීවිතයක් එදාට ගතකරනවද කියලා...

අපි ජීවිතේ දිහා ඍනාත්මකව බලන්ට පුරුදු වුනොත් අපිට ලැබෙන්නෙත් ඍනාත්මක ප්රථිඵල තමයි. ඒ නිසා ජීවිතය ධනාත්මකව දකින්ට පුරුදු වෙන්ට.
ඔයාට තාවකාලිකව දැනෙන හැඟීම් වලින් ඔයාගෙ ජීවිතේ ගැන සදාකාලික තීරණ ගන්න පුරුදු වෙන්ට එපා, ඒක ගොඩාක් භයානකයි.
සතුට කියන දේ හට ගන්නෙ ඔයා තුලින්මයි. නැතුව ඔයාගෙ සම්බන්ධතා වලින්වත් රැකියාවෙන්වත් සල්ලි වලින්වත් නෙවෙයි. ඔයාතුලින් විතරමයි.
0 comments:
Post a Comment