AD (728x90)

Thursday, April 17, 2014

සුපෙම් සුවඳක් අරන්...

Share it Please




සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සැමදා ළඟින් මියෙන තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුණා හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ අරා
හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා



ලිව්වේ

මම තමයි සිතුම් පොදට සිතුම් පොකුරු එකතු කරන්නෙ.. සිතුම් පොදේ තෙමෙන්න ආවට ඔයාට ගොඩාක් ස්තූතියි... අකමැත්තක් නැත්නම් ඔය පහලින් කමෙන්ටුවකුත් දාගෙනම යන්ටකෝ.. ආයෙත් දවසක මේ පැත්තට එන්ට... :)

0 comments:

Post a Comment

© 2015 සිතුම් පොද. All rights resevered. Designed by සිතුමිණි