AD (728x90)

  • 2793 Pine St

    Don't You Cry No More..

    Carry on my wayward son There'll be peace when you are done Lay your weary head to rest Don't you cry no more Ah Once I rose above the noise and confusion Just to get a glimpse beyond this illusion I was soaring ever higher

  • 1100 Broderick St

    The Power of Love

    We're heading for something Somewhere I've never been Sometimes I am frightened But I'm ready to learn Of the power of love..

  • 868 Turk St

    සුපෙම් සුවඳක් අරන්...

    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ...

  • 420 Fell St

    පුංචි ඔවදන් ටිකක්..

    අපි හැමෝම මේ ජීවිතේ හැම දෙයක්ම වගේ කරන්නෙ අවසානයේ සතුටක් ලබන්න. කෙනෙක් කෙනෙක්ට ආදරේ කරන්නෙ එයත් එක්ක මුළු ජීවිතේම සතුටින් ගත කරන්ට බලාගෙන..

Latest Updates

Thursday, April 17, 2014

පුංචි ඔවදන් ටිකක්..




අද ගොඩාක් ඉන්නෙ බූට් කාපු කට්ටිය. බූට් තියපු අයත් ඇති. ඒත් කාපු අය වැඩී. මංදැක්කා මේ දවස් ටිකට ගොඩාක් අය තමුන්ගෙ හිතේ තියන දේවල් තමුන්ගෙ වෝල් එකේ ලියනවා.  ඒ කොයික වෙතත් ගොඩක් අය අද ඉන්නෙ අසහනයෙන්/ දුකෙන් වගෙ, "තමුන්ට කවුරුවත් නෑ", "ජීවිතේ එපා වෙලා" වගේ දේවල් හිතනවා. ඒ නිසා මං හිතුවා.. මේ අලුත් අවුරුද්දකුත් ලබපු වෙලාවෙ පුංචි ඔවදන් ටිකක් දෙන්ට. මගේ අත්දැකීම් වලින්. මටත් කියල ගොඩක් අත්දැකීම් නෑ. එත් කාගෙ හරි ජීවිතයක් සාර්ථක වෙනවනම් මේ කියන දේවල් වලින් ඒක තමයි මගේ සතුට. 
අපි හැමෝම මේ ජීවිතේ හැම දෙයක්ම වගේ කරන්නෙ අවසානයේ සතුටක් ලබන්න. කෙනෙක් කෙනෙක්ට ආදරේ කරන්නෙ එයත් එක්ක මුළු ජීවිතේම සතුටින් ගත කරන්ට බලාගෙන. ( හැම වෙලේම ආදරේ ගැන, එහෙමම නොහිතන අය ඉන්ට පුළුවන්, ඒත් ඒ අය ගැන නෙවෙයි මම කතා කරන්නෙ )

කෙනෙක් හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරල ගෙයක් දොරක් හදාගෙන , වාහනයක් එහෙම අරගන්නෙ ඒකෙන් එයාට සතුටක් ලැබෙන නිසා. තවත් කෙනෙක්ට මුදල් කොච්චර තිබුනත් ගැමි විදියට/ දුප්පත් විදියට ජීවිතේ ගෙවන්ට ඕන වෙන්නෙත් ඒකෙන් එයාට සතුටක් ලැබෙන නිසා.  ඒක එහෙමම කියල නොහිතා කරනවා වෙන්නට පුලුවන් ඒත් එයාටත් ඕනෙ අවසානයේ මේ සතුටම තමයි. අපි ජීවිතේ සතුටින්ම ගත කරන්ට ගොඩාක් ආසයි. දුක් වෙන්ට කවුරුත් ආස නෑ. 

ඒත් අපේ ජීවිතයට නොහිතන විදියෙ දෙයක් සිද්ධ වුනොත්, ඒ සතුට තාවකාලික වෙනවා. කෙනෙක් අහිමි වුනොත් , ආදරෙන් පැරදුනොත් වගේ දේවල් කෙනෙක්ට සිදුවුනොත් එයාට ඒ සතුට අහිමි වෙනවා. ඒත් අපි මතක තියා ගන්ට ඕන දෙයක් තමයි මේ දුක කියන එකත් තාවකාලිකයි කියන එක. ඒ කොහොමද?  ඔයා අහන්ට පුළුවන්. ඔව් ඔයා හරි අපිට ඒ නැතිවුන , අහිමි වුන දේම නැවතත් අපේ කරගන්ට බැරි වෙන්ට පුළුවන්, නමුත් අපිට අපේ නැතිවුනු සතුට ආයෙත් ලඟා කරගන්ට උත්සහ කරන්ට පුළුවන් නේද? පොඩ්ඩක් හිතල බලන්ට. 

අපිට දෙයක් අහිමි වුනානම් ඒක අහිමි වෙලා ඉවරයි, දැන් ඒ ගැන දුක් වුනා කියල කිසිම දෙයක් වෙනස්වෙන්නෙ නැහැ,  අපිට ඒ දේම නැවතත් හිමි වෙන්නෙත් නැහැ. අපි දුක් වෙන්ට අපේ කාලය ගත කරනවා කියන්නෙ ඒක නිකරුනේ කාලය කා දැමීමක්. දුක් වෙන එකෙන් වෙන්නේ ඔයාගෙ සතුට හොරකම් කරනව, ඔයාව ගොඩාක් මහන්සි කරවනව ඔයා කිසිම දෙයක් නොකර. ඔයාට ලැබෙන දේකුත් නෑ.

ජීවිතේ කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. ඒත් ජීවිතේ ජීවත් කරවන්ට ඕන. සමහර වෙලාවල් තියෙනව හොඳ, ඒත් සමහර වෙලාවල් නරකයි. ඒත් මේ කොයි වෙලාවෙත් ඔයා, ජීවිතේ සාර්ථක කරගන්ට ජීවිතෙන්ම පාඩම්ඉගෙන ගන්නවා.. ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඒක කවදාවත් නවත්වන්ට / දාලා යන්ට කියල හිතන්ටවත් හොඳ නෑ. මොකද.. ජීවත් වෙනවා කියන්නෙ තමුන් කැමති දේවල් ලං කර ගන්න එකවත් අකමැති දේවල් ඈත් කරන එකවත් නෙවෙයි. තමුන්ට ලැබෙන දේවල් එක්ක සතුටින් ඉන්නවා කියන එක. 

අද ඔයාට ගොඩාක් යාළුවො ඉන්ට පුළුවන් ඒත් හෙට ඒ එක්කෙනෙක් වත් නැතිවෙන්ට පුළුවන්. ඔයා අසරණ වෙන්ට පුළුවන්.. ඒ නිසා ඔයා තීරණය කරන්ට ඕන ඔයාට එහෙම වෙන්ට ඔයා ඉඩ දෙනවද කියලා. ඔයා අද කියන්ට පුළුවන්.. "මට ගොඩාක් යාළුවො ඉන්නවා, එයාල මට ඕනම දේකට උදව් කරනව" කියල. ඒත් ඔයාම නිකමට පොඩ්ඩක් හිතන්ට.. ඔයාට බැරි වෙලාවත් ඔයාගෙ පවුලෙ කට්ටිය (අම්ම , තාත්තා ) නැතිවුනා (අද හෙට එහෙම වෙනවා නෙවෙයි මම කියන්නෙ, එහෙම කාටවත් වෙන්ටත් එපා කියල මම ප්‍රාර්ථනා කරනව )කොහොමහරි ඔයා තනි වෙනව. ඔයාට ලොකු සහෝදර සහෝදරියො ඉන්නවනම්, හොඳම නෑදෑයො ඉන්නවනම් , යාළුවො ඉන්නවනම් එයාල සලකයි ටික දවසක්, ඒත් හැමදාම .. තමුන්ගෙ අම්මා තාත්තා වගේම කරයි ද? (මට නම් සැකයි ) හරි. ඔයාම හිතන්ට අද ලංකාවෙ කොච්චර මහළු මඩම් , ළමා නිවාස තියෙනවද..  තරුණ අයට , මැදි වියේ අයට එහෙම තැන් තියනවද? ඒ මොකද? ඒ අයට තනියම දෙයක් කරගන්ට පුළුවන් කියන නිසා.


අන්න එදාට ඔයා ඔයාට කියල ජීවිතේ දෙයක් කරගෙන නැති වුනොත් ඔයාට දුක් වෙන්ට වෙන්නෙ හැමදාටම. ඒ නිසා ඔයා දැන්ම ඉදලා කල්පනා කරන්ට ඔයා කාපු බූට් වෙනුවෙන් ඔයා අද දුක් වෙවී ඉදලා, ඉගෙනීම කඩා කප්පල් කරගෙන, ජීවිතේ විනාශ කරගෙන එදාට ඒ වගේ අසරණ ජීවිතයක් ගෙවනවද.. නැත්නම් දැන් පුළුවන් කාලෙ කොච්චර දුකක් ආවත් ඒවා අමතක කරලා දාලා හොදට ඉගෙනගන, තමුන්ගෙ වැඩ කරගෙන ඔයාට කැමති විදියෙ සතුටු ජීවිතයක් එදාට ගතකරනවද කියලා...

අපි ජීවිතේ දිහා ඍනාත්මකව බලන්ට පුරුදු වුනොත් අපිට ලැබෙන්නෙත් ඍනාත්මක ප්‍රථිඵල තමයි. ඒ නිසා ජීවිතය ධනාත්මකව දකින්ට පුරුදු වෙන්ට. 

ඔයාට තාවකාලිකව දැනෙන හැඟීම් වලින් ඔයාගෙ ජීවිතේ ගැන සදාකාලික තීරණ ගන්න පුරුදු වෙන්ට එපා, ඒක ගොඩාක් භයානකයි. 

සතුට කියන දේ හට ගන්නෙ ඔයා තුලින්මයි. නැතුව ඔයාගෙ සම්බන්ධතා වලින්වත් රැකියාවෙන්වත් සල්ලි වලින්වත් නෙවෙයි. ඔයාතුලින් විතරමයි.

මිනිස් දින චර්යාවට එකතු කරගතයුතු වැදගත් කරුණු





වැඩිකාලයක් ජීවත් වීමට, ශරීරයේ තරුණකම රැක ගැනීමට

  • #. පාලනයක් ඇතිව ආහාර ගැනීම.
  • #. දිනපතා හෝ සතියට වරක් වත් ශාරීරික ව්‍යායාම කිරීම.
  • #. පිරිසිදු වාතාශ්‍රය ආශ්වාස, ප්‍රශ්වාස කිරීම.
  • #. සතුටින් සැහැල්ලුවෙන් කළහැකි රැකියාවක් කිරීම.
  • #. නිතරම ශරීර සවුක්ය හා පිරිසිදු කම ගැන සැළකිලිමත් වීම.
  • #. ජලය වැඩිපුර පානය කිරීම.
  • #. වෙහෙස වෙන කාලයට අනුකූලව හොද විවේකයක් ගැනීම.
  • #. ස්වභාවදර්මයේ නීති වලට අනුකූලව සතුටු දායක ලිංගික ජීවිතයක් ගත කිරීම.
  • #. යම් ආපදාවකදී නොපමාව සුදුසු වයිද්ය උපදෙස් ලබා ගැනීම.


Don't you cry no more..




Carry on my wayward son
There'll be peace when you are done
Lay your weary head to rest
Don't you cry no more

Ah

Once I rose above the noise and confusion
Just to get a glimpse beyond this illusion
I was soaring ever higher, but I flew too high

Though my eyes could see I still was a blind man
Though my mind could think I still was a mad man
I hear the voices when I'm dreaming,
I can hear them say

Carry on my wayward son,
There'll be peace when you are done
Lay your weary head to rest
Don't you cry no more

Masquerading as a man with a reason
My charade is the event of the season
And if I claim to be a wise man,
Well, it surely means that I don't know

On a stormy sea of moving emotion
Tossed about, I'm like a ship on the ocean
I set a course for winds of fortune,
But I hear the voices say

Carry on my wayward son
There'll be peace when you are done
Lay your weary head to rest
Don't you cry no more no!

Carry on,
You will always remember
Carry on,
Nothing equals the splendor
Now your life's no longer empty
Surely heaven waits for you

Carry on my wayward son
There'll be peace when you are done
Lay your weary head to rest
Don't you cry no more!



පත් පුවරු

Feature (Side)

© 2015 සිතුම් පොද. All rights resevered. Designed by සිතුමිණි